| CRICKET තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ යයි

තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ යයි

තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ යයි post thumbnail image

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත් කර තිබෙනවා. 

ඒ අනුව ඔවුන්ව සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව සඳහන්. 

ඔවුන් යවනු ලබන්නේ ‘standby options’ හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. 

ඒ අනුව ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ජූනි 23 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post