ඉතිහාසයේ පළමු වතාවට SAFF කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබෙනවා.
ඒ, 2023 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයට FIFA විසින් දැමූ තහනම හේතුවෙන්.
මෙවර SAFF ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2023 ජූනි 21 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
A කාණ්ඩයේ ආරම්භක තරගයේදී කුවේට් රාජ්‍ය නේපාලය සමග තරග වැදීමට නියමිතයි.
එමෙන්ම ඉන්දියාව ඔවුන්ගේ පළමු තරගය පාකිස්තානයට එරෙහිව එදිනම ක්‍රීඩා කරනු ලබනවා.