ආසියානු ලෝක කුසලානය තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතයි.
ඒ, පාකිස්තානයේ පන්ජාබ් නුවර මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
පාකිස්තානය හා නේපාලය අතර, දිවා රාත්‍රී පළමු තරගය පස්වරු 3.00 ට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මෙවර ආසියානු කුසලානය පන්දුවාර 50 තරගයක් ලෙස පැවැත්වෙන බව සඳහන්.
ඒ අනුව ආසියානු කුසලාන ඕවර් 50 තරගාවලියේදී 6 වතාවක් ඉන්දියාව කුසලානය දිනා ඇති අතර 3 වතාවක් අවසන් තරගයේදී පරාජයට පත්වී අනුශූරයින් වී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව 5 වතාවක් ආසියානු කුසලානය දිනාගත් අතර, හය වතාවකදී අවසන් තරගයේදී පරාජයට පත්ව දෙවැනියා බවට පත් වීමට සමත් වුණා.
පාකිස්තානය ශූරතාව දෙවරක් ඉසිලූ අතර දෙවරක් අවසන් තරගයේදී පරාජයට පත්ව ඇති බව සඳහන්.
කෙසේවෙතත් බංග්ලාදේශය තවමත් ආසියානු කුසලානය සිය රටට රැගෙන යාමට සමත්ව නොමැති වුව ද අවසන් මහා තරගයට දෙවරක් සුදුසුකම් ලබා තිබුණා.