2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරග 2ක් අද (20) පැවැත්වෙනවා.
ඒ, සිම්බාබ්වේ – නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය සහ ඇමෙරිකා එක්සත් ජනපද – නේපාල කණ්ඩායම අතර තරගයයි.
සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
මේ අතර නේපාලය සහ අමෙරිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නේපාල කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව එම කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.