ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගයෙන් 175 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
එහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355ක් රැස්කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 356ක්.
කෙසේවෙතත් සියළු දෙනා දැවී ඔවුන්ට රැස්කරගත හැකිවුනේ ලකුණු 180 ක් පමණයි.
මෙම තරගයේදී දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම අර්ධ ශතකය බැගින් ලබා ගත්තා.
එමෙන්ම තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුළු 06 ක් බිඳ හෙළීමට වනිඳු හසරංග සමත්වුණා.
ඒ ලකුණු 24 ක් පමණක් ලබාදෙමින්.
