2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B කාණ්ඩයේ තරග 2ක් අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා – ඕමාන කණ්ඩායම අතර තරගය සහ ස්කොට්ලන්ත – එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තරගයයි.
තරග 2ම මෙරට වේලාවෙන් පස්වරු 12.30ට බුලවායෝ හිදී ආරම්භ වීමට නියමිතයි,
මේ අතර ඊයේ (22) පැවැති තරගවලින් ජයග්‍රහණ ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව A කාණ්ඩයේ පෙරමුණ ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වීම විශේෂත්වයක්.
මේවනවිට B කාණ්ඩයේ පෙරමුණ ඕමාන කණ්ඩායම විසින් හිමිකරගෙන තිබෙනවා.