සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (19) ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 355ක් රැස්කිරීමට සමත්වුණා.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 356ක්.
මෙම තරගයේදී දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම අර්ධ ශතකය බැගින් ලබා ගත්තා.
තරගය පැවැත්වෙන්නේ, බුලවායෝ ක්‍රීඩාංගණයේදීයි.