| CRICKET 2023 Cricket World Cup | තීරණාත්මක තරග 2ක් අද

2023 Cricket World Cup | තීරණාත්මක තරග 2ක් අද

2023 Cricket World Cup | තීරණාත්මක තරග 2ක් අද post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරග 2ක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර තරගය සහ නෙදර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයයි. 

මේවනවිට සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්ත කණ්ඩායම් A කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට තේරී පත්වුණද මුලික වටයේ ලබාගන්නා ප්‍රසාද ලකුණු ඉතා වැදගත් වන නිසා මෙම තරග 2 තීරණාත්මක තරග වනු ඇති බව සඳහන්. 

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමාන කණ්ඩායම් සුපිරි 6 දෙනාගේ වටයට තේරී පත්ව තිබෙනවා. 

අද (26) පැවැත්වෙන තරග 2 හරාරේ හිදී මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post