2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසාන මහා තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
නෙදර්ලන්තය සමඟ පැවති මෙම තරගය ලකුණු 128 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කිරීමට සමත් වුණා.
Sahan Arachchige ලකුණු 57ක් සහ Kusal Mendis ලකුණු 43ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 105ක් පමණයි.
ඒ අනුව පිට පිට 10 වන තරගයත් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
