| CRICKET 2023 LPL | දඹුල්ලට සුපිරි ජයක්

2023 LPL | දඹුල්ලට සුපිරි ජයක්

2023 LPL | දඹුල්ලට සුපිරි ජයක් post thumbnail image

LPL තරගාවලියේ අද පැවති සිව්වන තරගය කඩුලු 8 කින් ජයගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 129ක් රැස්කළා.

එහිදී චරිත් අසලංක පන්දු 52 කට ලකුණු 56ක් රැස්කළ අතර බිනුර ප්‍රනාන්දු කඩුලු දෙකක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla කණ්ඩායම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52ක් රැස්කිරීමට සමත්වුණා.

අනතුරුව පිටියට පිවිසි කුසල් පෙරේරා පන්දු 22 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 34ක් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post