Lanka Premier League තරගාවලියේ තවත් තරග දෙකක් අද (31) පැවැත්වීමට නියමිතයි.
ඉන් පළමු තරගය පැවැත්වෙන්නේ Galle Titans සහ Dambulla Aura කණ්ඩායම අතරයි.
මෙම තරගය අද පස්වරු 3.00ට R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදී ආරම්භ වීමට නියමිතයි.
දෙවන තරගය Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වීමට නියමිත අතර එය අද රාත්‍රී 7.30ට එම ක්‍රීඩාංගනයෙදී ආරම්භ වනවා.