2023 LPL තරගාවලියේ තරග දෙකක් ඊයේ පැවැත්වුණා.
ඒ Jaffna Kings සහ Dambulla Aura කණ්ඩායම් අතරත් Galle Titans සහ B-Love Kandy කණ්ඩායම් දෙක අතරයි.
Jaffna Kings සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවති තරගයෙන් Dambulla කණ්ඩායම ජයගත්තා.
එමෙන්ම Galle Titans සහ B-Love Kandy කණ්ඩායම් අතර තරගයෙන් ජය ගැනීමට Galle කණ්ඩායම සමත් වුණා.
Galle Titans කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා.
B-Love Kandy කණ්ඩායමට සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 97ක් පමණයි.
ඒ අනුව Galle Titans කණ්ඩායම සහභාගී වූ තරග දෙකම ජයගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.
