2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග 2ක් අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගය සහ ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) තරගයට සහභාගී වන්නේ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන පසුවෙමින්.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු වාර්තා කිහිපයක් අභියස සිටීම විශේෂත්වයක්.
ඊයේ (24) හරාරේ හිදී පැවැති තරග ජයග්‍රහණය කරමින් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.
අද (25) තරගය බුලවායෝ හිදී මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතයි.