2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අද පැවැත්වෙනවා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 49.5කදී සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත්වුණා.
ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 326ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඔහුගේ එක්දින දිවියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයක්.
මීට අමතරව සදීර සමරවික්‍රම අර්ධශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.
තරගය බුලවායෝ හිදී පැවැත්වෙනවා.