2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරග 2ක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය සහ නෙදර්ලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගයයි.
තරග 2 හරාරේ හිදී මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මේවනවිට A කාණ්ඩයේ පෙරමුණ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හිමිකරගෙන තිබෙන අතර B කාණ්ඩයේ පෙරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකරගෙන තිබෙනවා.