ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.
ඒ සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම අද (17) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතයි.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයකට අනූව මෙම තරගාවලිය මෙරට දී පැවැත්වෙනවා.
එම තරග හම්බන්තොට දී සහ කොළඹ දී පැවැත්වෙන අතර, පළමු තරගය අගෝස්තු 22 වනදා හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.