| CRICKET Ashes 2023 | ලෝක ශුර කැන්ගරුවෝ පළමු තරගය ජයගනී

Ashes 2023 | ලෝක ශුර කැන්ගරුවෝ පළමු තරගය ජයගනී

Ashes 2023 | ලෝක ශුර කැන්ගරුවෝ පළමු තරගය ජයගනී post thumbnail image

එංගලන්තයේ බර්මින්හැම් හි එජබැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති 2023 අළුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 2කින් ජයගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (20) සමත්වුණා. 

ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්. 

ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 281ක්. 

ප්‍රථම ඉනිමේදී ශතකයක් සහ දෙවෙනි ඉනිමේදී අර්ධශතකයක් රැස්කළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මන් කවාජා තරගයේ වීරයා සම්මානය දිනාගැනීම විශේෂත්වයක්. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළ 139 වන අළුබදුන ටෙස්ට් තරගය මෙය බව සඳහන්.

අළුබදුන තරගාවලියේ දෙවෙනි තරගය ලබන 28 වෙනිදා ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post