| CRICKET Ashes 2023 | Perry ඔස්ට්‍රේලියාවට වැඩි ගෞරව අත්කරදෙයි

Ashes 2023 | Perry ඔස්ට්‍රේලියාවට වැඩි ගෞරව අත්කරදෙයි

Ashes 2023 | Perry ඔස්ට්‍රේලියාවට වැඩි ගෞරව අත්කරදෙයි post thumbnail image

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන තරගාවලියට සමගාමිව පැවැත්වෙන කාන්තා අළුබදුන තරගාවලිය ඊයේ (22) ආරම්භ වුණා. 

ඒ, එංගලන්තයේ නොටින්ග්හැම් හිදී. 

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදෙමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථම දිනය අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 328ක් රැස්කරගෙන සිටියා. 

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ මැදපෙළ පිතිකරිණියක් වන Ellyse Perry මෙම තරගයේදී අවාසනාවන්ත ලෙස ලකුණු 99කට දැවීගියා. 

මේවනවිට Perry කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල වැඩිම ලකුණු සාමාන්‍යයක් පවත්වාගෙන යන ක්‍රීඩිකාව බවට ද පත්ව තිබීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post