ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් පවතිනවා.
තරගාවලිය හෙට(30) සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර, තරගාවලියට තරග 13 ක් ඇතුළත්.
සජීවී රූපවාහිනී විකාශය හා වේලාවන්
තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය Star Sports ආයතනය සතු වනවා. ඒ අනුව Dialog පාරිභොගිකයින්ට Star Sports 1 (නාලිකා අංක 68) හා Star Sports 1 HD (නාලිකා අංක 120) ඔස්සේ තරග නැරඹිය හැකියි.
PEOTV පාරිභෝගිකයින්ට Event TV HD (නාලිකා අංක 310) හා SD (නාලිකා අංක 20) හරහා තරගාවලිය නැරඹිය හැකි වනවා.
තරගාවලියේ මෙරට දේශීය රූපනාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ සිරස TV මාධ්‍ය ජාලයයි. ඒ අනුව තරගාවලිය TV1 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර, ඒ අනුව සියලු තරග මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 3:00 ටයි.
තරගාවලියට ක්‍රීඩා කරන රටවල් හයෙන් ශ්‍රී ලංකාව හැර සෙසු සියලු කණ්ඩායම් මේ වන විට සිය සංචිත නිවේදනය කර තිබෙනවා.
Afghanistan squad: Hashmatullah Shahidi (c), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Rashid Khan, Gulbadin Naib, Karim Janat, Abdul Rahman, Sharafuddin Ashraf, Mujeeb ur Rahman, Noor Ahmad, Suliman Safi, Fazalhaq Farooqi
Bangladesh squad: Shakib Al Hasan (c), Litton Das, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim, Afif Hossain Dhrubo, Mehidy Hasan Miraz, Taskin Ahmed, Hasan Mahmud, Mustafizur Rahman, Shoriful Islam, Nasum Ahmed, Shak Mahedi Hasan, Naim Sheikh, Shamim Hossain, Tanzid Hasan Tamim, Tanzim Hasan Sakib
India squad: Rohit Sharma (c), Virat Kohli, Shreyas Iyer, KL Rahul, Shubman Gill, Suryakumar Yadav, Tilak Varma, Ishan Kishan, Hardik Pandya (vc), Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Shami, Mohammed Siraj, Kuldeep Yadav, Prasidh Krishna, Sanju Samson (travelling reserve)
Nepal squad: Rohit Paudel (c), Kushal Bhurtel, Aasif Sheikh, Bhim Sharki, Kushal Malla, Aarif Sheikh, Dipendra Singh Airee, Gulshan Jha, Sompal Kami, Karan KC, Sandeep Lamichhane, Lalit Rajbanshi, Pratish GC, Mousom Dhakal, Sundeep Jora, Kishore Mahato, Arjun Saud
Pakistan squad: Babar Azam (c), Abdullah Shafique, Fakhar Zaman, Imam-ul-Haq, Salman Ali Agha, Iftikhar Ahmed, Mohammad Rizwan, Mohammad Haris, Shadab Khan, Mohammad Nawaz, Usama Mir, Faheem Ashraf, Haris Rauf, Mohammad Wasim Jnr, Naseem Shah, Shaheen Afridi, Saud Shakeel, Tayyab Tahir (travelling reserve)
Sri Lanka squad: To be announced
ඒ අනුව මූලික වටයේ තරග කාලසටහන පහත පරිදි වනවා.
