| CRICKET ASIA CUP SUPER 4 | ශ්‍රී ලංකා සහ ඉන්දියා ගැටුම අද

ASIA CUP SUPER 4 | ශ්‍රී ලංකා සහ ඉන්දියා ගැටුම අද

ASIA CUP SUPER 4 | ශ්‍රී ලංකා සහ ඉන්දියා ගැටුම අද post thumbnail image

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා. 

එම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (12) පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිතයි. 

මේ අතර සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. 

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන් අතර ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත්වුණා. 

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු කෝලි සහ කේ එල් රාහුල් ශතකය බැගින් රැස්කිරීමට සමත්වුණා. 

එමෙන්ම අගනා ඉනිමක් ක්‍රීඩා කළ කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමට ඊයේ (11) සමත්වුණා. 

හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 94කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට ලකුණු 122ක් ඇතුළත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post