| CRICKET ASIA CUP 2023 | සිංහයන් අද තරග බිමට

ASIA CUP 2023 | සිංහයන් අද තරග බිමට

ASIA CUP 2023 | සිංහයන් අද තරග බිමට post thumbnail image

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (31) බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගය පස්වරු 3.00 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය්දී ආරම්භ කෙරෙන බව සඳහන්.

ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග ආසියානු කුසලානය සඳහා සහභාගී නොවන අතර ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ අතර ඊයේ (30) පාකිස්තාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය මුල්තාන්හිදී පැවැත්වුණා.

එහි දී පාකිස්තානු කණ්ඩායමට ලකුණු 238ක තියුණු ජයක් හිමි කර ගනු ලැබුවා.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී පන්දු වාර 50 අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 342ක් ලබා ගත්තා.

මෙහිදී අගනා ඉණිමක් ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායමේ නායක බාබර් අසාම් ලකුණු 151ක් ලබාගත්තා.

තම නායකයාට අගනා සහයක් ලබා දෙමින් ඉස්තිකා අහමඩ් ලකුණු 109ක වේගවත් ශතකයක් වාර්තා කළා.

ඉන් අනතුරුව පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post