මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවට යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.
2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමට තීරණය කිරීමත් සමග පාකිස්තානය පවසා ඇත්තේ කිසිවිටෙකත් ක්‍රිඩාව සහ දේශපාලනය මිශ්‍රකර ගැනීමක් සිදුනොවිය යුතු බවයි.
ඒ අනුව තරගාවලිය පැවැත්වෙන කාලය පුරාවටම සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම ICCය වගකිව යුතු බවත් පාකිස්තානය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
නමුත් මෙම මස 31 වනදා පැවැත්වීමට නියමිත ආසියානූ කුසලානයට සහභාගීවීම සඳහා පාකිස්තානයට යාමට ඉන්දියාව ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව එම තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.