තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
ඒ අනුව මීටර 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්ව නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූ අතර තරගය නිම කිරීම සඳහා ගත වූ කාලය 3:01:56ක්.
මේ අතර ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනාගැනීමට මෙරට ක්‍රීඩිකාවන් සමත් වුණා.
ඔවුන්ට තරගය නිම කිරීම සඳහා 3:33:27ක කාලයක් ගතවී තිබෙනවා.