| ATHLETICS අයෝමාල්ගෙන් රිදී පදක්කමක්

අයෝමාල්ගෙන් රිදී පදක්කමක්

අයෝමාල්ගෙන් රිදී පදක්කමක් post thumbnail image

ට්‍රිනිඩෑඩ් හී පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (09) සමත්වුණා.

ඒ අනුව පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ අයෝමාල් අකලංක තත්පර 51.61ක දස්කමක් දක්වමින් රිදී පදක්කම දිනා ගත්තා.

මෙය ඔහු එම ඉසව්ව සඳහා වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වූ අතර ඔහු තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී තත්පර 51.99ක කාලයකින් තරගය අවසන් කළා.

එමෙන්ම උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ නිළුපුල් තේජන මීටර් 2.00ක දස්කමක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post