ඔස්ට්‍රේලියා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නව නායකයා ලෙස මිෂෙල් මාර්ෂ් නම්කර තිබෙනවා.
ලබන වසරේදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහුව පත්කිරීමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසනවා.
ලබන ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන තරගාවලිය සඳහා පැට් කමින්ග්ස් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.
නමුත් ඉන් අනතුරුව එම කණ්ඩායමේ නායකත්වයත් මාර්ෂ් ට හිමිවෙතැයි අනුමාන කරනවා.