| FOOTBALL බාසිලෝනා ප්‍රබලයෙක් කණ්ඩායමට සමුදෙයි

බාසිලෝනා ප්‍රබලයෙක් කණ්ඩායමට සමුදෙයි

බාසිලෝනා ප්‍රබලයෙක් කණ්ඩායමට සමුදෙයි post thumbnail image

දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රකට බාසිලෝනා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ආරක්ෂක ක්‍රීඩක Jordi Alba වසර 11කට පසු සිය කණ්ඩායමට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ ගිවිසුම 2023-24 කාලසීමාව දක්වා පැවැතුනත්, කණ්ඩායමේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ගිවිසුම අවලංගු කර ගැනීමට ඔහුට හැකි වූ බව වාර්තා වෙනවා.

2012 වසරේ දී බාසිලෝනා සමඟ එක් වූ Jordi Alba, කණ්ඩායම සමඟ එක්ව La Liga කුසලාන හයක් සහ ශූරයින්ගේ කුසලානයක් ඇතුළුව සමස්ත ශූරතා 19ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම තරග 450ක දී සිය කණ්ඩායම නියෝජනය කළ ඔහු කණ්ඩායම වෙනුවෙන් ගෝල 27ක් සහ ගෝල සඳහා අවසන් පන්දුව පිරිනැමීම් 97ක් සම්පූර්ණ කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්
(DAILYSPORTS.ONLINE)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post