| CRICKET BCCI සභාපති පුටුවට හිටපු වේග පන්දු යවන්නෙක්

BCCI සභාපති පුටුවට හිටපු වේග පන්දු යවන්නෙක්

BCCI සභාපති පුටුවට හිටපු වේග පන්දු යවන්නෙක් post thumbnail image

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අජිත් අගාර්කාර් පත් වීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චේතන් ෂර්මා ඉල්ලා අස්වීමෙන් පසු ප්‍රධාන තේරීම් කමිටු තනතුර පුරප්පාඩු වී තිබෙනවා.

BCCI ට අවශ්‍ය වන්නේ 2023 ආසියානු කුසලානය අගෝස්තු මාසයේදී පැවැත්වීමට පෙර විධිමත් කටයුතු සම්පූර්ණ කිරීමට බව සඳහන්.

ටෙස්ට් තරග 26කට, එක්දින තරග 191කට සහ විස්සයි20 තරග 4කට ක්‍රීඩා කර ඇති අගාර්කාර් මෙතෙක් පළපුරුදුම අපේක්ෂකයා වනවා.

වත්මන් තේරීම් කමිටුවේ සාමාජිකයින් සිව්දෙනාට ජාත්‍යන්තර තරඟ 55 ක ඒකාබද්ධ ජාත්‍යන්තර අත්දැකීමක් ඇති අතර Agarkar IPL තරඟ 42 කට ද ක්‍රීඩා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post