| CRICKET බෙන් ස්ටෝක්ස් යළි එක්දින සංචිතයට

බෙන් ස්ටෝක්ස් යළි එක්දින සංචිතයට

බෙන් ස්ටෝක්ස් යළි එක්දින සංචිතයට post thumbnail image

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් යළි එංගලන්ත එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

පසුගිය වසරේ ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබූ නමුත් එම තීරණය වෙනස් කරමින් ඔහු තවදුරටත් එක්දින තරග සඳහා ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව බෙන් ස්ටෝක්ස් නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 20යි 20 තරග 4කින් සහ එක්දින තරග 4කින් සමන්විත වන අතර, පළමු එක්දින තරගය සැප්තැම්බර් මස 08 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post