ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟයි.
එහි කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා.
එම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (09) පස්වරු 03ට පැවැත්වීමට නියමිතයි.