| CRICKET චමරි අතපත්තුට නැවතත් තෑග්ගක්

චමරි අතපත්තුට නැවතත් තෑග්ගක්

චමරි අතපත්තුට නැවතත් තෑග්ගක් post thumbnail image

ICC විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි ජයක් හිමිකරගත් එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා සළකා බලා ICCය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එහිදී චමරි අතපත්තු ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්වුණා.

එමෙන්ම ඇය මේ වනවිට ICC ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවනවා.

ICC එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඇය පසුවන්නේ 3 වන ස්ථානයේයී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post