ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු මෙවර LPL ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරග 4ක් පමණයි.
තරගාවලිය අතරතුර උරහිසේ ආබාධයකට ලක් වූ අතර මේ හේතුවෙන් ඔහුට මූලික වටයේ තරග කිහිපයක් සහ අවසන් වටයේ තරග අහිමි වුණා.
මේ වන විට ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබෙනවා.
ඒ අනුව දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.