| CRICKET චමීරට සහ වනිඳුට ආසියානු කුසලානය අහිමි වෙයිද?

චමීරට සහ වනිඳුට ආසියානු කුසලානය අහිමි වෙයිද?

චමීරට සහ වනිඳුට ආසියානු කුසලානය අහිමි වෙයිද? post thumbnail image

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව දකුණත් වේග පන්දු චමීරට සමස්ත තරගාවලියම අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

ඔහු උරහිසේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් විවේක ගන්නා ලෙස උපදෙස් දී තිබෙන අතර මෙම උරහිසේ ආබාධය (ලිගමන්ට් ඉරීම) පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ දී සිදුව තිබෙන බවයි අනාවරණය වන්නේ.

මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇති අතර ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වූ පසු තීරණය කරනු ඇති බව වාර්තා වනවා.

ඒ ඔහු මස්පිඬු ආබාධයකට ලක් ව සිටීම හේතුවෙන්.

තේරීම් කමිටු නිලධාරීන් පුහුණු කාර්ය මණ්ඩලය සහ නායක දසුන් ශානක සමඟ සාකච්ඡා කර ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සහ පොරොත්තු 5 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගැනීමට නියමිතයි.

පසුගිය වසරේ ඩුබායි හි පැවති අවසන් ආසියානු කුසලානයේදී (T-20I) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන විට තේරීම් කමිටු සභාපතිව සිටි හේමන්ත වික්‍රමරත්න මහතා මෙවර ද එම තනතුරේ කටයුතු කරන අතර මෙවර පන්දුවාර 50 තරගාවලිය පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post