2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ලකුණු 5ක ජයක් අත් කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළා.
Travis Head ලකුණු 109ක් සහ David Warner ලකුණු 81ක් ලබා ගත්තා.
ඒ අනුව ලකුණු 389ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 383ක් පමණයි.
Rachin Ravindra ලකුණු 116ක් සහ Daryl Mitchell ලකුණු 54ක් ලබා ගත්තා.