2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වුණා.
මේ තරගයේ කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළා.
Babar Azam ලකුණු 50ක් සහ Mohammad Rizwan ලකුණු 49ක් ලබා ගත්තා.
ලකුණු 192ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30 පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.
Rohit Sharma ලකුණු 86ක් සහ Shreyas Iyer ලකුණු 53ක් රැස් කළා.