මෙවර ලෝක කුසලාන තරගාවලියේ 15 වන තරගය ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (17) පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය උරඟා බැලීම මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබුණද, එය ප්‍රමාද වන බව වාර්තා වනවා.
ඒ අද උදෑසන ධර්මශාලා ක්‍රීඩාංගනයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මේ වන විට පිටියේ ඇති ජලය ඉවත් කරමින් සිටින බැවිණි.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය අද පස්වරු 2ට උරඟා බැලීමට නියමිත අතර තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.