2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර අද පැවැත් වුණා.
ඒ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාන්ගනයේදී.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 282ක් රැස් කළා.
Joe Root ලකුණු 77ක් සහ Jos Buttler ලකුණු 43ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 36 පන්දු 02 අවසානයේ කඩුලු 1ක් දැවී ජයග්‍රාහී සිමාව පසු කර ගියා.
Devon Conway නොදැවී ලකුණු 152ක් සහ Rachin Ravindra නොදැවී ලකුණු 123 ක් රැස් කළා.