2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹු තරගය ලෙස නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවති තරගය වාර්තා අතරට එක්ව ඇති බව Disney+ Hotstar නාලිකාව පවසනවා.
විරාත් කෝලි ධර්මශාලාහිදී ලකුණු 95 කට දැවී යාමෙන් පසු පිටියෙන් ඉවත්ව යන විට මිලියන 4.3ක් නරඹන්නන් එකතු වී ඇති බව සඳහන්.
ඒ අනුව මීට පෙර ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරගය මිලියන 3.5ක් නරඹා ඇති අතර ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තරගය එම ප්‍රමාණය අභිබවා ගොස් තිබෙනවා.
Disney+ Hotstar ප්‍රධානී සජිත් සිවානන්දන් විසින් රසිකයින්ට විශේෂ උපහාරයක් පුද කරමින් නව වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාව නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.