මෙවර ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් ලකුණු 190ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 357ක් රැස් කළා.
Rassie van der Dussen ලකුණු 133ක් සහ Quinton de Kock ලකුණු 114ක් ලබා ගත්තා.
ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 167ක් පමණයි.
Will Young ලකුණු 33ක් සහ Glenn Phillips ලකුණු 60ක් ලබා ගත්තා.
