| CRICKET CWC23 – PAK Vs BAN | පාකිස්තානයට ලකුණු 205ක ඉලක්කයක් හිමි වෙයි

CWC23 – PAK Vs BAN | පාකිස්තානයට ලකුණු 205ක ඉලක්කයක් හිමි වෙයි

CWC23 – PAK Vs BAN | පාකිස්තානයට ලකුණු 205ක ඉලක්කයක් හිමි වෙයි post thumbnail image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායාම අතර තරගය පැවැත්වෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mahmudullah පන්දු 70කදී ලකුණු 56ක් රැස්කරගැනීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

බංග්ලාදේශ ලකුණු පුවරුව ශක්තිමත් කළ නායක Shakib Al Hasan පන්දු 64කදී හතරේ පහර 4ක් සමග ලකුණු 43ක් රැස්කරගත්තේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායමේ Shaheen Shah Afridi ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ලකුණු 205ක ඉලක්කයක් හිමි වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post