ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 241ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහලම ලකුණු ලාභියා වුයේ පැතුම් නිශ්ෂංකයි.
ලෝක කුසලාන තරගාවලියේ පිට පිට ලබාගන්නා 5 වන අර්ධ ශතකය පෙනි පෙනී ඔහු පිටියෙන් ඉවත් වුයේ ලකුණු 46කටයි.
කෙසේවෙතත් පැතුම් අද තරගයේදී තවත් ලකුණු 4ක් රැස් කරගෙන අර්ධ ශතකය රැස්කර ගත්තා නම් එය ලෝක වාර්තා සමකිරීමක් වනවා.
ඒ ලෝක කුසලාන තරගමාලාවක පිට පිට වැඩිම අර්ධ ශතක රැස්කරගත් ක්‍රීඩකයාගේ වාර්තාවයි.
මේ වනවිට පිට පිට තරග 5කදී ලෝක කුසලාන අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් වන්නේ ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ විරාත් කෝලි පමණයි.
(dailysports.online)