2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් ලකුණු 149ක ජයක් අත් කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස් කළා.
Quinton de Kock ලකුණු 174ක් සහ Heinrich Klaasen ලකුණු 90ක් ලබා ගත්තා.
ලකුණු 383ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 233ක් පමණයි.
Mahmudullah ලකුණු 111ක් සහ Litton Das ලකුණු 22ක් රැස් කළා.
