| CRICKET CWC23 – SL Vs ENG | එංගලන්තයට එරෙහිව සිංහයන් ජය පතුරයි

CWC23 – SL Vs ENG | එංගලන්තයට එරෙහිව සිංහයන් ජය පතුරයි

CWC23 – SL Vs ENG | එංගලන්තයට එරෙහිව සිංහයන් ජය පතුරයි post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33 පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

Ben Stokes ලකුණු 43ක් සහ Jonny Bairstow ලකුණු 30ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

Pathum Nissanka ලකුණු 77ක් සහ Sadeera Samarawickrama ලකුණු 65ක් රැස් කළා.

එමෙන්ම තරගයේ වීරයා සම්මානය ළහිරු කුමාර හිමි කර ගත්තා.

මේ තරගයේ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැඳී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ASIA CUP 2023|ඇෆ්ගන් කණ්ඩායමට සිංහයන්ගෙන් 292ක ඉලක්කයක්ASIA CUP 2023|ඇෆ්ගන් කණ්ඩායමට සිංහයන්ගෙන් 292ක ඉලක්කයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම​ට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන්