| CRICKET CWC23 SL Vs SA | දේදුණු දේශයේ සංග්‍රාමිකයන්ගෙන් වාර්තා පිට වාර්තා

CWC23 SL Vs SA | දේදුණු දේශයේ සංග්‍රාමිකයන්ගෙන් වාර්තා පිට වාර්තා

CWC23 SL Vs SA | දේදුණු දේශයේ සංග්‍රාමිකයන්ගෙන් වාර්තා පිට වාර්තා post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකාව සමඟ මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කළා.

Rassie van der Dussen ලකුණු 108ක්, Aiden Markram ලකුණු 106ක් සහ Quinton de Kock ලකුණු 100ක් බැගින් ලබා ගත්තා.

එමෙන්ම අද දවසේදී ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය, ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුව වශයෙන් වාර්තා කිහිපයක් පිහිටුවීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් Dilshan Madushanka කඩුලු 2ක්ද Kasun Rajitha,Matheesha Pathirana,Dunith Wellalage අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 429ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post