2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවති තරගයෙන් ලකුණු 102ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කළා.
Rassie van der Dussen ලකුණු 108ක්, Aiden Markram ලකුණු 106ක් සහ Quinton de Kock ලකුණු 100ක් බැගින් ලබා ගත්තා.
එමෙන්ම අද දවසේදී ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය, ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුව වශයෙන් වාර්තා කිහිපයක් පිහිටුවීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් Dilshan Madushanka කඩුලු 2ක්ද Kasun Rajitha,Matheesha Pathirana,Dunith Wellalage අතර කඩුල්ල බැගින් ද බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 326ක් පමණයි.
Charith Asalanka ලකුණු 79ක්, Kusal Mendis ලකුණු 76ක් සහ Dasun Shanaka ලකුණු 68ක් රැස් කළා.
මේ අතර ලෝක කුසලාන ඉතිහාසයේ තරගයකදී කණ්ඩායම් දෙකම රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද දවසේදී වාර්තා වුණා.ඒ ලකුණු 754ක් වශයෙන්.
