| CRICKET දසුන් ඇමරිකාවට යයි

දසුන් ඇමරිකාවට යයි

දසුන් ඇමරිකාවට යයි post thumbnail image

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක දසුන් ශානක හට මෙම මාසයේ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත Major League විස්සයි විස්ස ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබෙනවා.

තරගාවලිය සඳහා පැවති ක්‍රීඩක කෙටුම්පත්කරණයේ දී දසුන් ශානකව Seattle Orcas කණ්ඩායම විසින් ගිවිසුම් ගත කර ගැනීමට කටයුතු කළා.

මෙම තරගාවලිය සඳහා දසුන්ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද තේරී පත් වුණා.

වසරකට ලීග් තරගාවලි දෙකකට පමණක් අවසර ලබා දීමේ තීරණය මත ඔවුන් දෙදෙනාට මෙම තරගාවලියට සහභාගී වීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.

නමුත් පසුව එම තීරණය වෙනස් කරමින් දසුන් හට තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ක්‍රීඩා කළ දසුන් සිම්බාබ්වේ සිට ඇමරිකාව බලා පිටත් වීමට නියමිතයි.

වනිඳු නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඔහු පෙර සැලසුම් කර පරිදි තරගාවලියට සහභාගී නොවන බව සඳහන්.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පළමු වරට සංවිධානය කරන මෙම Major League Cricket තරගාවලිය ජූලි 13 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post