ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමිවී තිබෙනවා.
ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය පුර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන්.
ඔහු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග සඳහා එක් නොවූ අතර ඔහුව සුපිරි හයදෙනාගේ වටයේදී නැවත කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් සිටියා.
නමුත්, චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරග සඳහාත් සහභාගීවිය නොහැකි බව වාර්තා වනවා.
ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට මේ වනවිට සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනාගෙන් අයෙකු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිතයි.