ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
පසුගිය 14 වනදා පැවති සුවිශේෂී මහා සභා රැස්වීමේ දී මේ පිළිබඳව තහවුරු කර තිබූ අතර මීට පෙර එම නිලවරණය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් 16 වැනිදායි.
නමුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අගෝස්තු 12 වැනිදා යොමු කළ ලිපියක් මඟින් නිලවරණ මාර්ග සිතියමට අනුව නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 19 වැනිදා දක්වා සිදු කරනු ලබනවා.
එමෙන්ම අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 29 වැනිදා සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව නාම යෝජනා සඳහා විරෝධතාව ප්‍රකාශ කිරීමට සැප්තැම්බර 1 වැනිදා සිට 3 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා.
අවසන් අපේක්ෂක ලැයිස්තුව සැප්තැම්බර් 04 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.
මෙම නිලවරණය සඳහා තිදෙනෙකුගෙන් යුත් මැතිවරණ කමිටුවක් නම් කර තිබෙන අතර විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ. එල්. එම්. මජීද් මහතා ප්‍රධානත්වය දරනවා.
එමෙන්ම එම කමිටුවට විශ්‍රාමික ජෙනරාල් උපාලි ගුණසේකර සහ බන්දුල අතපත්තු මහතා ද ඇතුළත්.