ඕස්ට්‍රේලියා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු එඩී ජෝන්ස් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.
පසුගියදා පැවති රග්බි ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව knockout වටයටවත් පිවිසීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඩේව් රෙනීගෙන් පසු එඩී ජෝන්ස් ඔස්ට්‍රේලියාවේ රග්බි පුහුණුකරු ලෙස පසුගිය ජනවාරි මාසයේදී පත්වී තිබෙනවා.
ඒ අනුව ජනවාරි මාසයේදී කණ්ඩායම භාර ගත් ජෝන්ස් නොවැම්බර් 25 වන දින නිල වශයෙන් ඉවත් වනවා.
(dailysports.online)