2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ඉසව් තාක්ෂණික කමිටුව විසින් එංගලන්ත සංචිතයේ රීස් ටොප්ලි වෙනුවට ආදේශකයක් ලෙස බ්‍රයිඩන් කාර්ස් නම් කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එංගලන්ත තරඟයේදී වම් මාපටැඟිල්ල කැඩී යාමෙන් ටොප්ලි තරඟාවලියෙන් ඉවත් කිරීම නිසා ආදේශකයක් ලෙස බ්‍රයිඩන් කාර්ස් නම් කර ඇති බව සඳහන්.
එමෙන්ම බ්‍රයිඩන් කාර්ස් එක්දින තරඟ 12ක් ක්‍රීඩා කර තිබෙනවා.
ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ප්‍රතිස්ථාපන ක්‍රීඩකයා නිල වශයෙන් සංචිතයට එක් කිරීමට පෙර ඉසව් තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වන බවයි සඳහන් වන්නේ.
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ඉසව් තාක්ෂණික කමිටුව සමන්විත වන්නේ, වසීම් ඛාන් (ICC සාමාන්‍යාධිකාරී – ක්‍රිකට් සහ ETC සභාපති), ක්‍රිස් ටෙට්ලි (ICC ඉසව් ප්‍රධානී), හේමන්ග් අමීන් (වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී – BCCI), ගරුව් සක්සේනා (සාමාන්‍යාධිකාරී) – මෙහෙයුම්, BCCI), රසල් ආර්නෝල්ඩ් සහ සයිමන් ඩූල් (ස්වාධීන නියෝජිතයන්).