| CRICKET ICC ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරයි

ICC ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරයි

ICC ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරයි post thumbnail image

ICCය විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පැමිණීමට නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් සමත්ව ඇති අතර ඔහු ලබා ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 883ක්.

මේ අතර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් පසුවනවා.

මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන රැඳී සිටි ජෝ රූට් එම ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා පසුබැස ඇති බව සඳහන්.

ටෙස්ට් පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ වෙනසක් සිදුව නොමැති අතර තවදුරටත් අශ්වින් එහි පෙරමුණේ පසුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් ප්‍රසාද ලකුණු 826ක් හිමිකරගනිමින් එහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post